පොසොන් උත්සවයේ ආරක්ෂාවට පොලීසියේ 2800ක්

පොසොන් උත්සවයේ ආරක්ෂාවට පොලීසියේ 2800ක්

by Sagarika Chathumali 26-06-2018 | 6:54 AM

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2800 දෙනෙකු යොදවා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ජීවිතාරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 169 දෙනෙකු යොදවා ඇති බවයි. ඔවුන් අනුරාධපුර තිසා වැව,නුවර වැව,කලා වැව ඇතුළු අනුරාධපුර දිස්තික්කයේ අනෙක් වැව් සඳහා යොදවා තිබේ. වන්දනාමාන කිරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ වැව්වල දිය නෑමේදී ඉතා ප්‍රවේසම් විය යුතු බවයි. එම පොලිස් නිලධාරීන් අද උදෑසන සිට විශේෂ රාජකාරි සඳහා යොදවනු ලබයි.