පාසැල් දරුවන්ට ටැබ් ලබාදීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

පාසැල් දරුවන්ට ටැබ් ලබාදීමේ යෝජනාව යළි ත් කැබිනට් මණ්ඩලයට

by Staff writer 26-06-2018 | 7:46 PM

COLOMBO (News 1st) - ස්මාට් ටැබ් පරිගණක පාසල් ළමුන් සඳහා ලබාදීමට අදාළ කැබිනට් යෝජනාව අද යළි ත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය අද රැස් වූ අතර එහිදී ගත් තීරණ පිළිබඳව රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් අමාත්‍යවරුන්ගෙන් විමසූහ. වනජීවි හා ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,
ළමයි මේවා පරිහරණයේදී අධ්‍යාපනයට අවැඩදායක වැඩවලටත් යොදා ගන්නවා කියලා ප්‍රශ්නය මතුවුණා ඒක නිසා ඇමතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කළා 5 දෙනෙක්ගෙන් යුත්. අධ්‍යාපන ඇමතිතුමා හිටියා සරත් ෆොන්සේකා ඇමතිතුමා හිටියා චම්පික රණවක සහ තව දෙන්නෙක් හිටියා මං හිතන්නේ
මාධවේදී ප්‍රශ්නය,
ඇයි ඇමතිතුමා මේ ප්‍රතික්ෂේප වෙන ඒවා එපා කියන ඒවා ආයේ කැබිනට් එක ගේන්නේ ඇමතිතුමා. කොහොමහරි සම්මත කරගන්නේ ඇයි ඒ ?
සරත් ෆොන්සේකා,
අවශ්‍යයි කියන කට්ටියකුත් ඉන්නවා. එපැයි කියන කට්ටියකුත් ඉන්නවා. ලෝකයේ සමහර රටවල්වල ඒක සිද්ධ වෙනවා . සමහර රටවල සිද්ධ වෙන්නේ නැහැ.
මාධවේදී ප්‍රශ්නය,
ඊයේ ගෝඨාභය රාජපක්ෂ මහතා FCID යට කැඳෙව්වා එතුමා ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වන බයටද ඔබතුමාලා මේ එක එක ක්‍රියාමාර්ග ගන්නේ ?
සරත් ෆොන්සේකා,
මං කලිනුත් කිව්වනේ එයා ඉදිරිපත් වනවා නම් මගේ ගානේ ඇප මුදල ගෙවනවා කියලා.
මාධවේදී ප්‍රශ්නය,
අමාත්‍යධූරය ලැබුණ ගමන් පාතාලය හරියට හිස ඔසවලා තියෙනවා. මොක්කද ගන්න ක්‍රියාමාර්ග මේවට?
රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර,
පාතාලය හිස ඔසවලා නෙවෙයි. පාතාලය මර්දනය වේගෙන යනවා. මං හිතන්නේ අපිට මේක මර්දනය කරන්න පුළුවන් වෙයි. ඉතාම කේට් කාලයක් ඇතුළත.
මාධවේදී ප්‍රශ්නය,
ඒ කියන්නේ මාංචුදාලා ගෙනියන කෙනෙකුට පුළුවන් අත්බෝමිබයක් ගහන්න පොලීසියට ඇමතිතුමා.
අමාත්‍ය නලින් බණ්ඩාර,
ඒ සිද්ධිය වෙන අවස්ථාවේ මාංචු දාලද තිබුනේ කියලා මම දන්නේ නැහැ. මම හොයලා බලන්න ඕනි. කොහොම උනත් මාංචු දාලත් බෝම්බ ගහන්න පුළුවන්.