සුපිරි තරුව 26 පසු කරයි

සුපිරි තරුව 26 පසු කරයි

සුපිරි තරුව 26 පසු කරයි

කර්තෘ Sagarika Chathumali

26 Jun, 2018 | 11:09 am

COLOMBO (News 1st) : බොලිඩුව් සුපිරි නළු ශාරුක් ඛාන් සිය සිනමා දිවියේ 26 වන වසර සම්පූර්ණ කර තිබේ.

1992 වසරේ ජුනි 25 වන දා තිරගත වූ Deewana චිත්‍රපටය ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටයයි.

ගෙවුණු 26 වසර පුරාවට තමා සිනමා රසික හදවත්වල කුඩා ස්ථානයක් හෝ ස්පර්ශ කර ඇති බව ත් ජීවිතයේ ඉතිරි කාලය තුළ එය කළ හැකි බවට තමා විශ්වාස කරන බව ත් ශාරුක් ඛාන් පවසා ඇත.

ලබන දෙසැම්බර් 21 වන දා තිරගත වීමට නියමිත Zero ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ නවතම චිත්‍රපටයයි.

කට්‍රිනා කායිෆ් මෙන්ම අනුෂ්කා ෂර්මා මෙම චිත්‍රපටයේ සුපිරි නළු ශාරුක් ඛාන් සමග රංගනයෙන් දායක වෙති.

ශාරුක් ඛාන් මේ වනවිට බොලිවුඩ් චිත්‍රපට 80ක පමණ රංගනයෙන් දායක වි ඇති අතර ෆිල්ම් ෆෙයාර් සම්මාන 14කින් පිදුම් ලැබී ය.

1965 වසරේ නොවැම්බර් 2 උපත ලද ශාරුක් ඛාන් සැලකෙන්නේ,  බොලිවුඩයේ රජු ලෙසයි.