by Staff writer 25-06-2018 | 9:57 PM
COLOMBO (News 1st) - මාතර, කඹුරුපිටියේදී පොලිස් විශේෂකාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී දකුණේ පාතාල කල්ලි සමාජිකයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අවි ගත් සන්නද්ධ පිරිසක් කඹුරුපිටය ප්‍රදේශයේ සැරිසරන බවට පොලිස් විශේෂකාර්ය බලකායට තොරතුරුක් ලැබුණු බවයි.
එම තොරතුරක් අනුව පොලිස් විශේෂකාර්ය බලකාය මාර්ග බාධක යොදා ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
අණ නොතකා ත්‍රීරෝද රථය එම අවස්ථාවේදී පළා ගොස් තිබේ.
එම අවස්ථාවේදී ත්‍රීරෝද රථය පිටුපස පොලිස් විශේෂකාර්ය බලකා ජීප් රථයක් හබා ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
එම ත්‍රීරෝද රථය විල්පිට කැලෑවට හරවා එහි සිටි පුද්ගලයින් පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන්ට වෙඩි තබා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පොලිස් විශේෂකාර්ය බලකාය එම අවස්ථාවේදී කළ වෙඩි තැබීමෙන් මාකඳුරේ මදුෂ්ගේ දකුණු පළාතේ ගෝලයෙකු වන හේවා සුදු හකුරුගේ මානෙල් රෝහන නොහොත් තිලක් නැමැත්තා මිය ගිය බවයි.
ඔහු කඹුරුපිටිය රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මිය ගිය පාතාල කල්ලි සමාජිකයා සතුව තිබි T 56 වර්ගයේ ගිනි අවියක් ද පොලිස් විශේෂකාර්ය බලකාය සොයා ගෙන තිබේ.