සරණ ගුණවර්ධනට වරෙන්තු නිකුත් කෙරේ

සරණ ගුණවර්ධනට වරෙන්තු නිකුත් කෙරේ

by Staff writer 25-06-2018 | 4:54 PM

COLOMBO (News 1st) - සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, ඔහු අද දින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරය දරණ සමයේ රුපියල් ලක්ෂ 80 ක වාහනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම නඩුව ගොනුකර ඇත.