ශ්‍රීලංකන් ගුවන් සමාගම ගැන තවත් හෙළිදරව්වක්...

ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරු බදු රහිතව සේවා සැපයීමේ අයිතිය අවිධිමත්ව ලබා දී ඇතැයි හෙළිවෙයි

by Staff writer 25-06-2018 | 10:24 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් යානා තුළ තීරු බදු රහිත සේවා සැපයීමේ අයිතිය ෆිනික්ස් සමාගමට විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව ලබාදී ඇති බව අද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී අනාවරණය විය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ගුවන් සේවා කළමනාකරු රෂ්මෝර් ෆර්ඩිනැන්ඩ්ස් පැවසූවේ, 2011 වසරේදී රේගු බදු රහිත භාණ්ඩ සඳහා සුවඳ විලවුන් සහ ආලේපන සැපයීමට අදාළ ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදී බොහෝ ලංසු කිහිපයක් ඉදිරිපත් වූ අතර ඔවුන් අතරින් මේ සමාගම් ද වේ. ඒ, ෆීනිස්ක් රයිසින් වෙන්චර්ස්, ඉන්ටර්නැෂනල් සේල්ස් ගෘප් ව්‍යාපාර සහ කිංග් පවර් සමාගමයි. ඉන්ටර්නැෂනල් සේල්ස් ගෘප් ව්‍යාපාර සඳහන් කර ඇත්තේ, තමන්ගේ හවුල්කරුවන් හා තමන්ට අනුබද්ධ ආයතන කිසිවකට එහි සන්නාමය සමග ලංසු තැබීමට අවසර නොලැබු බවයි. නමුත් ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් මේ ලංසු ලබාදී තිබුනේ තම ආයතනය වසර 20 ක කාලයක්, ඉන්ටර්නැෂනල් සේල්ස් ගෘප් ව්‍යාපාර සහ අදාළ ආයතනය සමග කටයුතු කිරීමට ඇතුලත්ව සිටින බව පවසමිනි. ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් ආයතනයට සැපයුම්කරුන් ලබාදුන් ලිපිලේඛනවල අන්තරගතය එකක් වූ බවත් අත්සන හා සැපයුම්කරුගේ නම පමණක් වෙනස් බව කොමිසමේදී හෙළි විය. එම සමාගම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අදාළ කොන්ත්‍රාත්තුව දිනාගෙන ඇති බවත් තමන් භාණ්ඩ සැපයීමට කැමැත්තෙන් සිටි බව එම ලේඛනවල සඳහන් ව තිබුණි. මෙමගින් පෙනී යන්නේ ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගම තම සැපයුම්කරවන්ට තමා කොන්ත්‍රාත්තුව දිනාගෙන ඇති බවට දැනුම්දී තිබුනේ ටෛන්ඩර් කැඳවීමටත් පෙර බවයි. ජ්‍යේෂ්ඨ ටෙන්ඩර් මණ්ඩලය ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගමට ටෙන්ඩරය ලබාදීමට නිර්දේශ කර ඇති බැවින් ඔවුන් වෙත පිරිනැමිමේ ලිපියක් යවා තිබුනේ ඔවුන්ට එය අතසන් කර නැවත භාර දෙන ලෙසටයි. කොමිෂන් සභාවේදී අවධානයට යොමු වූයේ ශ්‍රීලංකන් එයාර් ලයින් සමාගම මුලික ගැනුම් ඉල්ලුම භාරදී තිබුනේ ගිවිසුම අත්සන් කිරීමටත් පෙරවීම පිළිබඳවය. මෙය මාස 6 ක කාලයක් සඳහා වලංගු වූවකි. මාසයකට පසුව පිරිනැමීමේ ලිපියට පිළිතුරක් යවනවා වෙනුවට ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගම ශ්‍රීලංකන් එයාර් ලයින් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී කලීලා චන්ද්‍රසේන වෙත යෝජනාවක් යවා තිබේ. ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගම යෝජනා කර ඇත්තේ සුවඳ විලවුන් සහ ආලේපන සැපයීමෙන් පමණක් මිදී ශ්‍රීලංකන් එයාර් ලයින් සමාගමේ සමස්ත තීරු බදු රහිත සේවා සැපයීමේ අයිතිය බාහිර ආයතනයක් වන ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් ලබා වසර 7 කට ලබා දෙන ලෙසයි. ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගම විසින් යෝජනාව ඉදිපත්කර තිබුන ද එහි සඳහන් වන අයුරින් සියලු ක්‍රියාවන් සිදුවන්නේ මෙරට ඇති ෆිනික්ස් තීරුබදු රහිත සේවා සමාගම විසිනි. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඩිලාන් වීරසිංහ විසින් මෙම ලිපියට අත්සන් තබා තිබේ. ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගම මෙම යෝජනාව සෘජුවම ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි වෙත ලබාදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යොමු කර ඇත. මෙම යෝජනාවලිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර තිබුනේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන ටෙන්ඩර් කැඳවීමේ පටිපාටියට පටහැනිවයි. රකිත ජයවර්ධන සභාපතිත්වය දරන කින් පවර් ලිමිටඩ් මෙම කාලය තුළදීම ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගමට සාමාන විකල්ප යෝජනාවලියක් මේ ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කර ඇති බවට අද කොමිසමේදී අනාවරණය විය. මහජන අප්‍රසාදය තිබුන ද ජනාධිපති විමර්ශන කොමිසමේදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන්ගෙන් සාක්ෂි විමසු ආකාරය දැඩි ලෙස විවේචනයට ලක් විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය කබීර් හෂිම් හා අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගෙන් කොමිසමේදී ප්‍රශ්න කළ ආකාරය මහජනතාව දුටුහ. ඊට අමතරව කොමිෂන් සාමාජිකයෙකුගේ පවුලේ සාමාජිකයෙකු එකල හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා යටතේ අරලියගහ මන්දිරයේදී සේවය කළ බවට වාර්තා විණි. කොමිසමේ කාර්යභාරය සම්පුර්ණ වූ පසු එම වාර්තාව එක්තරා නිවසකට ගෙන ගිය බවට චෝදනා එල්ල විණි. අනතුරුව ඇතැම් නම් රහසිගතබාවය රැකීම සඳහා ප්‍රසිද්ධියට ලක්කිරීම වැලැක්වීම සඳහා ප්‍රයත්නයන් සිදු වූ අතර ජනාධිපති ලේකම්වරයා ඔහු පමණක් දන්නා හේතුන් මත බැඳුම්කර කොමිෂන් වාර්තාව රාජ්‍ය ලේඛන ආරක්ෂණ දෙපාර්තමේන්තුවට යවනු ලැබුවේ ය. මෙලෙස මහජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති අවස්ථාවක ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබිණි. මාධ්‍යවේදීන් ලෙස අපි කොමිසමේ සැසිවාරයන් පිළිබඳව දිනපතා වාර්තා කළෙමු. ඉදිරි දින කිහිපය තුළ මෙවැනි ක්‍රියාවලීන් පිළිබඳව වාර්තා කිරීමට අපට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. කොමිසමේ සාමාජිකයන් සහ ඊට සම්බන්ධ සියලු දෙනා මතක තබාගත යුත්තේ ඔවුන් විනිශ්චය කරනුයේ මහ ජනතාව බවයි. ඔබට සැමවිටම ඇතැම් පුද්ගලයන් රැවටිය හැකියි. ඔබට ඇතැම් විට සියලු දෙනා රැවටිය හැකියි. නමුත් සියලු දෙනාම සැමවිට රැවටිය නොහැකියි.