රත්මලානේ වෙඩි තැබීමක්...

රත්මලානේ වෙඩි තැබීමකින් යුද හමුදා කෝප්‍රල්වරයෙකුට තුවාල

by Staff writer 25-06-2018 | 8:05 AM

COLOMBO (News 1st) - රත්මලාන චකින්දාරාම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබිමෙන් යුධ හමුදාවේ සේවයේ නියතු ලුතිනන් කර්නල්වරයෙකුගේ රියැදුරු තුවාල ලබා ඇතැයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය.

ආරක්ෂක අංශ පැවසූවේ, මෙම වෙඩි තැබීම පෞද්ගලික හේතුවක් මත සිදුව ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඔහු යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකු වන බවයි. වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයාගේ අතකට තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. අද පෙරවරු 7.20 පමණ යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබිම සිදු කර පලා ගොස් ඇති බව පොලීසිය පැවසී ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.