දකුණේ බස් වර්ජනයක්

by Staff writer 25-06-2018 | 11:44 AM

මාතර, ගාල්ල, සහ අම්බලන්ගොඩ සිට කොළඹ දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථ රියැදුරන් ධාවනයෙන් ඉවත්ව තිබේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, කෙටි ගමන් සේවා බස් රථ හිමියන් සමග පවතින ආරවුලක් ඊට හේතුවී ඇති බවයි. දුර ගමන් සේවා බස් රථ, මාතර සිට කොළඹ දක්වා සියලුම බස් නැවතුම්පොළවලින් මගීන් නංවා ගැනීමට එරෙහිව කෙටි ගමන් සේවා බස් රථ හිමියයෝ පසුගිය දා ධාවනයෙන් ඉවත් වූහ. මාතර - කොළඹ දුර ගමන් සේවා බස් රථ රියැදුරන් අද දිනයේ ධාවන කටයුතුවලින් ඉවත්ව සිටින්නේ එලෙස මගීන් නංවා ගැනීම සඳහා අවස්ථාව නොදීමට විරෝධය පළ කරමිනි. දුර ගමන් බස් රථ සේවකයින්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් හෙට සිට අධිවේගි මාර්ගවල ගමන් ගන්නා බස් රථ ද එක් කරගනිමින් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව මාතර පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අරුණ හල්පගේ මහතා සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=LfHI8lHbSjo