දකුණේ පොඩි පෝල්ට මහාධිකරණයෙන් මරණ දඬුවම

දකුණේ පොඩි පෝල්ට මහාධිකරණයෙන් මරණ දඬුවම

by Sagarika Chathumali 25-06-2018 | 1:55 PM

COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධ කල්ලයක සාමාජිකයෙකු වන උදය කුමාර හෙවත් පොඩි පෝල්ට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද මරණිය දණ්ඩනය නියම කළේ ය.

ඒ ඔහු වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කරීම සම්බන්ධයෙන් ඔහු වරදකරුවෙකු වීම හේතුවෙනි. විත්තිකරු සංවිධානාත්මක අපරාධ කල්ලයක සාමාජිකයෙකු වන අතර විත්තිකරුට එරෙහිව මේ වනවිට මනුෂ්‍ය ඝාතන කිරීමට තැත් කිරිම, ගිනි අවි ළඟ තබා ගැනීම, ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ගාල්ල සහ බලපිටිය අධිකරණවල ද නඩු කිහිපයක්ම විභාග වෙමින් පවතී. රත්ගම, පල්ලියපිටියේදී 2001 ඔක්තෝබර් 13 වන දින ගොඩවත්ත ලියනගේ ලලිත් ප්‍රසන්න යන අයට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරු ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර අනෙක් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම නිසා ඔවුන් නිදොස් කොට නිදහස් කළේ ය. රත්ගම, පල්ලියපිටියේදී 2001 ඔක්තෝබර් 13 වන දින ගොඩවත්ත ලියනගේ ලලිත් ප්‍රසන්න යන අයට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරු ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර අනෙක් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොවිම නිසා ඔවුන් නිදොස් කොට නිදහස් කරනු ලැබී ය.