තැපෑල තවමත් වර්ජනයේ

තැපෑල තවමත් වර්ජනයේ

by Staff writer 25-06-2018 | 6:43 AM
සේවක වර්ජනයෙන් ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, සේවක වර්ජනය හේතුවෙන් පවතින තත්ත්වය යටතේ විදෙස් ලිපි මෙන්ම දේශීය ලිපි ද තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බවයි. හෙට දිනය වන විට සේවක ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, සිය වැඩ වර්ජනයට වෘත්තීය සමිති 25 ක සහය ලැබී ඇති බවයි. රජයේ පාර්ශ්වයෙන් අවසන් විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ඔහු පැවසී ය.