by Staff writer 24-06-2018 | 4:23 PM
COLOMBO (News 1st) - වසරේගත වූ මාස 5 තුළ සිදුකළ සුරාබදු වැටලීම්වලින් පුද්ගලයින් 19,696 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, එම කාලය තුළ වැටලීම් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් සිදු කළ බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 1884 ක් ද වේ.
අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් මිලියන 76 දඩ මුදල් අයකර ඇති බව ද කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.