by Hashini De Mel 24-06-2018 | 6:39 PM
කෙම්බ්‍රිජ් ආධිපාද විලියම් කුමරු සිය මැදපෙරදිග පස් දින නිල සංචාරය අතරතුර ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ද සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විලියම් කුමරු, මේ වන විට ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති පලස්තීනයේ සහ ඊශ්‍රායාලයේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනු ඇති.
එහිදී විලියම් කුමරු, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන නායක මොහොමඩ් අබ්බාස් ද හමුවීමට නියමිත ය.
ඔහු ජොර්දානයෙන් අද සිය 5 දින සංචාරය අරඹන අතර එහිදී ඔටුන්න හිමි දෙවන අල්-හුසේන් බින් අබ්දුල්ලා කුමරු හමුවනු ඇති.
ඊශ්‍රායලය සිය 70 වන සංවත්සරය සැමරීම සූදානම් වන අවස්ථාවේ විලියම් කුමරු මෙම සංචාරයේ නිරතවීම සුවිශේෂි කරුණකි.
මේ අතර ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මේ වන විට උද්ගතව ඇත්තේ, දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකි.
එහි ආසන්නතම සිදුවීම වූයේ, ඊශ්‍රායලය වෙත මෝටාර් සහ රොකට් ප්‍රහාර එල්ලවීමෙන් පසු පසුගිය බදාදා ඊශ්‍රායලය ගසා තීරයේ පලස්තීන යුද කඳවුරු වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමයි.
කෙන්සිංටන් මාළිගය නිවේදනය කරන්නේ, මෙවන් තත්ත්වයක් මත විලියම් කුමරුගේ මෙම මැදපෙරදිග සංචාරය ඓතිහාසිකව වැදගත් වන්නක් බවයි.