බෝම්බයෙන් පසු සිබ්බාබ්වේ ජනපතිගේ ප්‍රතිචාරය

ප්‍රචණ්ඩත්වයට දැක්විය හැකි ප්‍රබලම ප්‍රතිචාරය සාමයයි - සිබ්බාබ්වේ ජනපති

by Chathuranga Rajapaksha 24-06-2018 | 9:40 AM
(News 1st) - ප්‍රචණ්ඩත්වයට දැක්විය හැකි ප්‍රබලම ප්‍රතිචාරය සාමය බව සිම්බාබ්වේ ජනාධිපති එමසන් මන්ගාවා පවසයි. තමා ඉලක්ක කර බුලවායෝ නුවර පැවති රැළියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඔහු මේ බව සදහන් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. "අපි එකට එක්ව කටයුතු කරමු. ප්‍රචණ්ඩත්වයට දැක්විය හැකි හොඳම ප්‍රතිචාරය වෙන්නේ සාමය. වෛරය පැරදවිය හැක්කේ ප්‍රේමයෙන්. අපි සිබ්බාබ්වේ රාජ්‍ය වෙනුවෙන් දෙවියන්ට යාඥා කරමු" යන්න ඔහුගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. සිම්බාබ්වේ ජනාධිපතිවරයා රැළිය අමතමින් සිටියදී එල්ල වූ ප්‍රහාරයෙන් ඔහු දිවි බේරාගත්ත ද උප ජනාධිපති කෙම්බෝ මොහාඩි ඇතුළු 42 දෙනෙකු ඉන් තුවාල ලැබිණි. විපක්ෂ ආධාරකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක පල කරනු ලැබේ.