නවසීලන්ත අග්රාමාත්ය ජසින්ඩා අර්ඩන් සිය කුළුඳුල් දියණියට නීව් ටි අරෝහා අර්ඩන් ගේෆර්ඩ් ලෙස නම් තබා තිබේ.
ඇය සිය දියණියට තැබූ නම ප්රකාශයට පත් කර ඇත්තේ, ඕක්ලන්ඩ්හි දරු ප්රසූතියෙන් පසු රෝහලින් පිටව යාමට පෙර දියණිය සහ සහකරු ක්ලාක් ගේෆර්ඩ් ද සමගින් ප්රසිද්ධියේ පෙනී සිටිමිනි.
දියණිය වෙනුවෙන් වූ ඉදිරිපත් වූ නම් අතරින් මෙම නම තෝරා ගත් බව ත් නීව් ගේෆර්ඩ් යන කෙටි නම ඇය සඳහා භාවිත කළ හැකි බව ත් ඇය පැවසුවා ය.

නූතන ඉතිහාසයේ ධූරයේ රැඳී සිටියදී දරු උපතක් සිදු කළ දෙවන රාජ්ය නායිකාව වන්නේ, නවසීලන්ත අග්රාමාත්ය ජසිඩා අර්ඩන් ය.