කොටියා ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

කොටියා ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

by Staff writer 24-06-2018 | 2:20 PM

COLOMBO (News 1st) - කිලිනොච්චිය, අම්බාල්කුලම් ප්‍රදේශයේදී පොලු මුඟුරු වලින් පහරදී කොටියෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, ඔවුන් අද පස්වරුවේ කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර තවත් අයෙකු අද පෙරවරුවේ පොලීසියට පැමිණ භාර වී තිබුණි. එම කොටියා ගම්මානයට පැමිණ පුද්ගලයින් 5 දෙනෙකු සපාකා තුවාල ලැබීමෙන් පසුව ප්‍රදේශවාසින් එක්ව කොටියාට පහර දී ඝාතනය කර තිබුණි.