කොටහේනේ වෙඩි තැබීමක්

කොටහේනේ වෙඩි තැබීමක්

by Staff writer 24-06-2018 | 10:13 PM

COLOMBO (News 1st) - කොටහේන, ජම්පටා වීදිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද රාත්‍රී 9.15 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 131 වත්තේ පදිංචි ගනේෂ් නැමැති පොල් වෙළෙඳසැළක් පවත්වාගෙන යන අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.