ඔරුවක් පෙරලීමෙන් තරුණයින් දෙදෙනෙකු අතුරුදන්

ඔරුවක් පෙරලීමෙන් තරුණයින් දෙදෙනෙකු අතුරුදන්

by Staff writer 24-06-2018 | 6:08 PM

COLOMBO (News 1st) - වාරියපොළ, මලගනේ වැවේ ඔරුවක් පෙරලීමෙන් තරුණයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ පුද්ගලයින් 5 දෙනෙකු දන්සැලක් සඳහා  නෙළුම් කොළ කැඩීමට ඔරුවකින් ගොස් ඇති බවයි. එම අවස්ථාවේදී ඔරුව පෙරලීගොස් තිබේ. එහිදී පුද්ගයින් තිදෙනෙකු පීනාගෙන ගොඩට පැමිණ ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය. අතුරුදන්ව ඇති පුද්ගලයින් සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් කැඳවා ඇත.