හැඬූ කඳුළින් දිවි ගෙවන අපේ ම මිනිසුන්...

ඉන්න හිටින්නට තැනක් නැතිව හැඬූ කඳුළින් දිවි ගෙවන අපේ ම මිනිසුන්

by Staff writer 24-06-2018 | 8:36 PM

COLOMBO (News 1st) - කෑගල්ල, අටාල පින්දෙණිය වතුයායේ මාසයක පමණ කාලයක් ඉතා දුෂ්කර ජීවිතයක්ගත කරන පිරිසක් පිළිබඳවයි මේ වාර්තාව.

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කිලෝමීටර 12 ක් පමණ පසුකරන විට අටාල පින්දෙණිය වතුයාය හමුවනු ඇත. කම්කරු රස්සාවෙන් දිවි සරිකරගන්නා මේ අහිංසක ජනතාවට කබළෙන් ලිපට වැටීමට සිදු වූයේ සියවසක් පමණ පැරණි බෝගසක් සිය වතු නිවාස පේලියට කඩා වැටීමත් සමගිනි. මේ හේතුවෙන් පීඩාවට පත් පවුල් 11 ක පුද්ගලයින් 48 දෙනෙකු අට්ටාල පින්දෙණිය වතු පාසල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් ඉන් දින 2 කට පසු එම වතුයායේ අධිකාරිවරයා දැනුම්දී තිබුනේ ඔවුන්ට එම පාසලෙන් ඉවත්ව නිවාස වෙත පිටව යන ලෙසයි. ඉන් පසු මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත දෙසට කිසිවෙකුගේ අවධානයක් යොමුවී නොමැත. මේ ජනතාවට පිහිටවීමට ඇති අවස්ථා පිළිබඳව සොයා බැලීමට නිව්ස්ෆස්ට් අපි අද එම ස්ථානයට ගියෙමු.