සිම්බාබ්වේ ජනපති බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරාගනී

සිම්බාබ්වේ ජනපති බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරාගනී

by Staff writer 23-06-2018 | 10:12 PM

(News 1st) - සිම්බාබ්වේ ජනාධිපති එමසන් මනන්ගාවා ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහු දිවි බේරාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට බුලවායෝ නගරයේ ක්‍රිඩාංගණයක රුස්වීමක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව ය. ප්‍රහාරයෙන් එරට රජයේ ඉහළ පෙලේ දේශපාලඥයන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.