මාතර වෙඩි තැබීමේ සිද්ධිය

මාතර වෙඩි තැබීමේ සිද්ධිය: අත්අඩංගුවේ සිටි කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

by Staff writer 23-06-2018 | 8:28 AM

COLOMBO (News 1st) - මාතර දී පොලීසිය සමග ඊයේ ඇතිවූ වෙඩි හුවමාරුවේදි අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් නැමති සැකකරු පොලිස් වෙඩි පහරින් මිය ගියේය.

ඒ, සැකකරු සඟවා තිබූ බව කියන බෑගයක් සෙවීම සදහා මාතර කිරළ කැලේ ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී ය. එහිදී සැකකරු බෑගයේ සඟවා තිබූ අත්බෝම්බයක් රැගෙන පොලීසියට එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේදි පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මෙලෙස ඝාතනයට ලක් වූ චාමර ඉන්ද්‍රජිත් නමැති පුද්ගලයා පසුගිය කාලයේ දිවයින පුරා අපරාධ රුසකට සම්බන්ධ වූ අයෙකි. අත්තනගල්ලේදී සංගීත ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබීම, නිට්ටඹුවේදි මවකට හා පුත්‍රයෙකුට කළ වෙඩි තැබීම, වේයන්ගොඩ සමරේ නැමැත්තාට වෙඩි තැබීම හා 2012 වසරේ පෑලියගොඩ සිදුවූ රුපියල් කෝටි 12 ක කොල්ලයට සම්බන්ධ වීම ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා
ඊයේ වෙච්ච මේ සිද්ධියට අදාලව අත්අඩංගුවට අරගෙන දැනට කරාපිටිය රෝහලේ සිටින කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා මේ වෙද්දී පොලිස් අත්අඩංගුවේ පසුවනවා. ඔවුන් තිදෙනාව අපි අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අපරාධකරුවන් පැමිණි එක් යතුරුපැදියක අයිතිකාරිනිය වුණේ කොස්ගොඩ තාරකගේ මව. ඇයවත් ඊයේ දින කොස්ගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ඇයව අත්අඩංගුවට ගත්තේ ගල්කටස් වර්යේ ගිනි අවියකුත් නිවසේ සඟවාගෙන සිටියදී ඇයව බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට සූදානම්. දැනට සැක කරනවා තවත් පලාගිය සැකකරුවන් දෙදෙනෙක් පමණ සිටිය බව. ඔවුන්ගෙන් එක් අයෙක් නිශ්චිතව හඳුනගෙන තියනවා දැන්. ඔවුන්ව අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා