මිනි ඌෂි ගිනි අවි පාතාලය අතට පත් වූයේ කෙසේද?

මාතර වෙඩි තැබීමේදී සොයාගත් මිනි ඌෂි ස්වයංක්‍රීය ගිනි අවි පාතාලය අතට පත් වූයේ කෙසේද?

by Staff writer 23-06-2018 | 5:41 PM
COLOMBO (News 1st) - මාතර වෙඩි තැබීමේ සිද්ධියේදී කොල්ලකරුවන් සතුව තිබී හමුවූ මිනි ඌෂි වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලීසිය සඳහන් කළේය. පොලිස් භාරයට ගත් මිනි ඌෂි වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි ආරක්ෂක අංශවල අති විශේෂ කොට්ඨාශවලට පමණක් ලබාදෙනු ලබන අතර එවැනි ගිනි අවි පාතාල සාමාජිකයන් අතට පත්වන්නේ කෙසේද යන්න බලවත් ගැටලුවකි. ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. ප්‍රශ්නය - රජයේ ආරක්ෂක අංශවල මේ වගේ ඌෂී ගන් කීයක් විතර අතුරුදන් වෙලා තියනවාද කියලා කියන්න පුළුවන්ද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා
ඒවා කියන්න බෑනේ ඒවා වෙනමම පරික්ෂා කරන්න අවශ්‍ය දෙයක්. ඒ ගැන විමර්ශන නිලධාරීන් විමර්ශනවලදී බලයි මේක කොහොමද මිනි ඌෂි කියන එක මේ අපරාධකරුවන්ගේ අතට පත් වුණේ කියලා.
ප්‍රශ්නය - පසුගිය වසර කිහිපය තුළ ආයුධ පෙන්නන්න ගිහිල්ලා කී දෙනෙක් නැති වෙලා තියනවද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා
ඔබ මට මීට කලින් කිව්වානම් මම ඔබට ඒ තොරතුරු හොයලා දෙනවා