තැපැල් වර්ජනයෙන් කටුනායක තැපැල් මළු 4000ක් ගොඩගැසේ

තැපැල් වර්ජනයෙන් කටුනායක ගුවන්තොටුපොළේ තැපැල් මළු 4000ක් ගොඩගැසේ

by Staff writer 23-06-2018 | 6:53 AM
COLOMBO (News 1st) - වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ ප්‍රධාන ඉල්ලීම්වලට රජය විසඳුම් ලබා දී ඇතැයි තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දී සිටියදීත් මෙලෙස වර්ජනයේ නිරත වීම අසාධාරණ බව ය. මේ අතර සිය වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ විදෙස් තැපැල් මළු 4000කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇතැයි තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ ප්‍රාදේශීය තැපැල් කාර්යාලවල ලිපි ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව ය. සිය වර්ජනය රටේ ජනතාවගේ දෛනික කටයුතුවලට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි ඔහු පැවසුවේ ය. බඳවා ගැනීමේ පටිපාටිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් වැඩ වර්ජනයක නිරත වන්නේ මීට දින 12කට පෙර සිට ය.