කොටියා මැරූ පුද්ගලයින් අල්ලන්න පොලිස් කණ්ඩායම් 3ක්

කිලිනොච්චියේ කොටියා මරා දැමූ සැකකරුවන් ඇල්ලීමට පොලිස් කණ්ඩායම් 3ක්

by Staff writer 23-06-2018 | 3:12 PM
COLOMBO (News 1st) - කිලිනොච්චි , අම්බාල්කුලම් ප්‍රදේශයේදී කොටියා මරා දැමූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ. පොලීසිය පැවසුවේ ගම්මාන 4 ක හෝ 5 ක පමණ පුද්ගලයින් ඊට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ය. සැකකරුවන්, කොටියාට මුඟුරු වලින් පහර දී ඝාතනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් පොලිස් ස්ථානයට භාර දී තිබේ. ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය. මෙම කොටි විශේෂය පැන්තරා පාදස් කොටියා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකාවට අවේනික උප විශේෂයකි. මෙම සත්වයා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට අනුව දැඩි ආරක්ෂිත සත්ව විශේෂයක් ලෙස ද නම් කර තිබේ.