"උතුරු කොරියාව තවදුරටත් තර්ජනයක් විය හැකියි"

උතුරු කොරියාව තවදුරටත් තර්ජනයක් විය හැකි බව ට්‍රම්ප් කියයි

by Staff writer 23-06-2018 | 11:30 AM
(News 1st) - උතුරු කොරියාවට එරෙහිව පනවා තිබූ සම්බාධක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යළිත් පනවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි අසාමාන්‍ය තර්ජනයක් විය හැකි බවට සඳහන් කරමින් මෙලෙස සම්බාධක යළි පනවා ඇති බව ය. කෙසේ වෙතත් පසුගිය 13 වන දා ට්විටර් පණිවුඩයක් මගින් ට්‍රම්ප් පවසා සිටියේ, උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි තවදුරටත් තර්ජනයක් නොවන බව ය. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිංගප්පූරුවේදී පැවති හමුවෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් මේ බව සඳහන් කර තිබිණි.