ආනයනික උඳු කිලෝග්‍රෑමයක් සඳහා අය කරන බද්ද ඉහළට

ආනයනික උඳු කිලෝග්‍රෑමයක් සඳහා අය කරන බද්ද ඉහළට

by Staff writer 23-06-2018 | 7:28 AM
COLOMBO (News 1st) - ආනයනික උඳු කිලෝග්‍රෑමයක් සඳහා අය කරන බද්ද රුපියල් 50කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ. එහි සාමාජික හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප්‍රධානී දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ, ඒ අනුව ආනයනික උඳු කිලෝග්‍රෑමයක් සඳහා අය කරන බද්ද රුපියල් 150ක් වන බව ය. දේශීය උඳු වගාකරුවන් දිරි ගැන්වීම මෙහි අරමුණ බව ද ඔහු පැවසුවේ ය.