LTTE සංවිධානය සමග කටයුතු 14ට මෙරටට ඇතුළු වීම තහනම්

LTTE සංවිධානය සමග කටයුතු කළ විදෙස්ගත දෙමළ ජාතිකයින් 14කට මෙරටට ඇතුළු වීම තහනම්

by Staff writer 22-06-2018 | 7:54 AM
COLOMBO (News 1st) - එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කටයුතු කළ විදෙස්ගත දෙමළ ජාතිකයින් 14 දෙනෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගේ අත්සනින් යුතුව ය. ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම සහ ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම මොවුන්ට එල්ල වී ඇති චෝදනා වේ.