හික්කඩුවේ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු මරුට

by Staff writer 22-06-2018 | 8:53 AM
COLOMBO (News 1st) - හික්කඩුව, වෑවල ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බව ය. ඉනාසි චමින්ද නමැති 30 හැවිරිදි පාතාල කල්ලි සාමාජිකයෙකු වෙඩි තැබීමෙන් මිය ගොස් තිබේ. මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි ඔහු ඝාතන චෝදනා 5ක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින අයෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.