ලිපි බෙදා හැරීමට පොලීසියේ සහය?

ලිපි බෙදා හැරීමට පොලීසියේ සහය?

by Staff writer 22-06-2018 | 11:46 AM
COLOMBO (News 1st) - ලිපි බෙදා හැරීම සඳහා අවශ්‍ය වුවහොත් පොලීසියේ සහය ලබා ගන්නා බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි. නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉල්ලීම්වලට සාධනීය විසඳුම් ලබා දී ඇති පසුබිමකදී වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බව ය. සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේදී මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය කරන බව තැපැල් සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි. බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 12 කි. තැපැල් සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ය.