රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමයි

රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමයි

by Staff writer 22-06-2018 | 6:24 AM
COLOMBO (News 1st) - රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. දින 127කට පෙර රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ උදෑසන පාලනාධිකාරිය සහ සිසුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි. නමුත් අප වාර්තාකරු සඳහන් කළේ, ඒ සඳහා විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සහභාගී නොවීමත් සමග සිසුන් ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වැටලූ බව ය. ඊයේ පස්වරුව වන තෙක් ඔවුන් මෙලෙස පරිපාලන ගොඩනැගිල්ල වටලා තිබීම හේතුවෙන් මිහින්තලයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.