මාතර නගරයේ වෙඩි තැබීමකින් 4 දෙනෙකුට තුවාල

by Staff writer 22-06-2018 | 11:35 AM
COLOMBO (News 1st) - මාතර නගරයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ස්වර්ණාභරණ අලෙවි සලක් කොල්ල කෑමට පැමිණි පිරිසක් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව ය. අප කළ විමසීමකදී මාතර රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තුවාල ලැබූ 4 දෙනෙකු රෝහලට ඇතුළත් කළ බව ය. ඉන් 3 දෙනෙකු පොලිස් නිලධාරීන් බව ද ඔහු සඳහන් කළා. තුවාලකරුවන් අතර 39 හැවිරිදි කාන්තාවක් ද සිටින බව ඔහු පැවසුවේ ය. ඔවුන්ගෙන් දෙදෙනෙකු සැත්කමකට භාජනය කර ඇතැයි ද රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේ ය.