by Staff writer 22-06-2018 | 9:07 PM
COLOMBO (News 1st) - අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) එල්ල කළ චෝදනා ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ පිළිගෙන තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව චන්දික හතුරුසිංහට, අසංක ගුරුසිංහට හා නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල විය.
ඒ, දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනයට අදාළ තරග ආරම්භය පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද කිරීම හේතුවෙනි.
ඔවුන් තිදෙනාට නියම වන දඬුවම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිත ය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට හෙට කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අවිනිශ්චිත වී තිබේ.
ඒ, ඔහු පුහුණුවීම් අතරතුර අබාධයකට ලක්වීම හේතුවෙනි.
මේ අනුව හෙට කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිවීමට නියමිත ය.