by Staff writer 22-06-2018 | 10:46 AM
COLOMBO (News 1st) - ගල්කිස්ස, කටුකුරුඳුවත්ත ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් මොවුන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බව ය.
අත්අඩංගුවට ගත් කාන්තාවන් කන්තලේ, කතරගම, අනුරාධපුර, පාදුක්ක, මාරවිල සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල පදිංචිකාරිනියන් ය.
මේ අතර වැලිකඩ ප්‍රදේශයේ ද ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන්, බලංගොඩ සහ පිටිගල ප්‍රදේශවල පදිංචි ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.