ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය තාවකාලිකව වසා දැමේ

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමකින් තොරව වසා දැමේ

by Staff writer 21-06-2018 | 6:03 AM

COLOMBO (News 1st) - උණ රෝගයක් හේතුවෙන් මහනුවර - කුණ්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමකින් තොරව වසා දමා තිබේ.

එහි අධ්‍යක්ෂ අමල් අරුණප්‍රිය මහතා සඳහන් කළේ, විද්‍යාලයේ සිසුන් අතර රෝගය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. සිසුන් 250කට අධික පිරිසක් කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සිසුන් 11 දෙනෙකු රෝගීවීම හේතුවෙන් මැණික්හින්න රෝහලට ඇතුළත් කළ පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. අදාළ සිසුන් උණ, වමනය, පාචනය ඇතුලු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් අධිකාරිය නිර්දේශ කර ඇත්තේ රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකෘර්ම විද්‍යාලය තාවකාලිකව වසා දමන ලෙසයි.