පොල් අස්වැන්න ඉහළට

පොල් අස්වැන්න ඉහළට

by Staff writer 21-06-2018 | 10:51 AM

COLOMBO (News 1st) - පොල් ඵලදාව මාසිකව නෙලා ගැනීමෙන් අස්වැන්න 10 % - 20 % ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බව නවතම අධ්‍යනයකින් හෙළි වී තිබේ.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් පොල් වගාකරුවන් සිය අස්වැන්න මාස දෙකකට වරක් නෙලා ගැනීමට පුරුදු වී සිටින බවයි. පොල් අස්වැන්න පහළ යාමට මෙය එක් හේතුවක් බව පොල් වගා කිරීමේ මණ්ඩල කළ මෙම අධ්‍යයනයේදී තහවුරු විය. මේ පිළිබඳව පොල් වගාකරුවන් දැනුවත් කිරීම ආරම්භ කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා ප්‍රකාශ කළේ ය.