තැපැල් වර්ජකයින්ට ජුනි පඩිය අහිමි වෙයි

තැපැල් වර්ජකයින්ට ජුනි පඩිය අහිමි වෙයි

by Staff writer 21-06-2018 | 4:46 PM
COLOMBO (News 1st) - තැපැල් සේවකයින් සඳහා ජුනි මස වැටුප් ගෙවන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බව තැපැල්පතිවරයා අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ, සේවයට වාර්තා නොකර තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි මස පළමු වන දා සිට ජුනි 11 වන දා දක්වා පමණක් වැටුප් ගණනය කරන බව ය. දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වැඩ වර්ජනය අවසන් කර නොපමාව සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අබේරත්න මහතා කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි.