ඖෂධ වර්ග රැසක මිල ගණන් ලබන මාසයේ සිට පහළට

තව ත් ඖෂධ වර්ග රැසක මිල ගණන් ලබන මාසයේ සිට පහළට

by Staff writer 21-06-2018 | 11:54 AM

COLOMBO (News 1st) - පෞද්ගලික රෝහල්වල අය කරන ගාස්තු නියාමනය කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, සෞඛ්‍ය සේවාවේ වැට් බදු ඉවත් කිරීම හේතුවෙන් ගැටලු රැසක් විසඳුණු බවය. මිල අධික පිළිකා නාශක වැනි ඖෂධ වර්ග රැසක මිල ගණන් ද ලබන මාසයේ සිට අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ. අමාත්‍යවරයා පැවසූවේ, ඖෂධ මිල අඩු කිරීමෙන් පසු පෞද්ගලික රෝහල්වල මිල ගණන් සංශෝධනය කිරීමට ද තීරණය කර ඇති බවය. ඖෂධ මාෆියාව නැති කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.