චන්දිමාල්ට එරෙහි තරග තහනමේ අභියාචනා විභාගය හෙට

චන්දිමාල්ට එරෙහි තරග තහනමේ අභියාචනා විභාගය හෙට

by Staff writer 21-06-2018 | 10:31 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට පැනව‍ූ තරග තහනමට එරෙහිව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය හෙට දිනයේදී විභාග කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. ‍ නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී මෙම අභියාචනාව විභාග කරන බවයි. කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග විනිසුරුවන් හා තරග තීරකවරුන් මෙන්ම , ශ්‍රී ලංකා කන්ඩායමේ පාර්ශව සහභාගී කරවා ගනිමින් මෙම විභාග කිරිම සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. ඔවුන් පවසන්නේ චන්දිමාල්ට දුරකතන ඔස්සේ හෝ විඩියෝ සංවාද ඔස්සේ මෙම විභාග කිරීමට සම්බන්ධ විය හැකි බවයි. මෙම විභාගයෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සිය මතය ප්‍රකාශ කිරීමට නියමිත වේ.