කිලිනොච්චියේදී මුගුරුවලින් පහර දී කොටියෙකු මරා දමයි

by Staff writer 21-06-2018 | 5:37 PM
COLOMBO (News 1st) - කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් මුගුරුවලින් පහර දී කොටියෙකු මරා දමා තිබේ. ඒ, එම කොටියා සපා කෑමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලැබීමෙන් අනතුරුව ය. ගම් වැදුණු කොටියෙකු අල්ලා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් අද පෙරවරුවේ උදයනගර් ප්‍රදේශයට පැමිණ තිබේ. එම අවස්ථාවේදී කොටියා වනජීවී නිලධාරියෙකුට පහර දී තුවාල සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඉන් අනතුරුව කැළෑ වැදුණු කොටියා තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට පහර දී තිබේ. කෝපයට පත් ජනතාව මුගුරුවලින් පහර දී කොටියා මරා දමා තිබුණේ, ඉන් අනතුරුව ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=ZM3sHXRq4jw