උරුගුවේ කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට හිමිකම් ලබයි

උරුගුවේ කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට හිමිකම් ලබයි

by Staff writer 21-06-2018 | 8:32 AM

COLOMBO (News 1st) - ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෞදි අරාබිය සමග පැවැති මූලික වටයේ තරගයෙන් ප්‍රබල උරුගුවේ කණ්ඩායම ජය ගෙන තිබේ.

ඒ අනුව උරුගුවේ කණ්ඩායමට තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව හිමි විය. තරගාවලියේ A කණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය රොස්ටොව් ක්‍රීඩාංගණයේදී පැවැත් විණි. ඊජිප්තුටවට එරෙහිව සහභාගී වූ පළමු තරගය ජයගෙන සිටි උරුගුවේ කණ්ඩායමෙන් සෞදි අරාබියට මෙම තරගයේදී එල්ල වූයේ ප්‍රබල අභියෝගයකි. තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ උරුගුවේ කණ්ඩායමයි. ලුවිස් සුවාරේස් තරගයේ 23 වැනි මිනිත්තුවේදී එම ගෝලය වාර්තා කළේ ය. අනතුරුව පළමු අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට හැකි වී නොමැත. කෙසේ නමුත් තරගයේ දෙවැනි අර්ධය අතිශය තියුණු ස්වභාවයක් ගත් අතර දෙපිලටම ගෝල රැස් කිරීමට තිබූ අවස්ථා කිහිපයක්ම මග හැරිණි. ඒ අනුව උරුගුවේ කණ්ඩායම තරගය ජයගත්තේ ගෝල 1ට 0ක් ලෙසයි. A කාණ්ඩයේ සහභාගී වූ තරග දෙකම ජය ගත් උරුගුවේ කණ්ඩායම එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව ඇති අතර සත්කාරක රුසියාව තවදුරටත් එහි පෙරමුණේ පසු වේ. තරගාවලියේ පළමු වටයේදී සෞදි අරාබියට සහ ඊජිප්තුවට කිසිදු තරගයක් ජය ගැනීමට හැකිවී නැත. ඒ අනුව A කාණ්ඩයේ මූලික වටය අවසන්වීමට තව ත් තරග දෙකක් ඉතිරිව ඇති නමුත් ප්‍රසාද ලකුණු සටහනේ හිමිකරගෙන ඇති ස්ථාන අනුව රුසියාව සහ උරුගුවේ කණ්ඩායම් සුපිරි 16 දෙනාගේ වටය සඳහා සිය ස්ථාන තහවුරු කරගෙන සිටි.