අධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපති සිපිරිගෙට

අධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපති සිපිරිගෙට

by Staff writer 21-06-2018 | 3:16 PM
COLOMBO (News 1st) : මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළේ ය. ඒ ඔහු කූඨ ලේඛනයක් ඉදිරිපත් කර සැකකරුවෙකුට ඇප ලබාදීම සඳහා මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරිය පෙළඹවීම ඇතුළු අධිචෝදනා තුනකට වරදකරු කරමිනි. උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහි මෙම තීන්දුව අද ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසිනි. සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 29500ක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව වසර දෙකක සිර දඬුවම් ලබාදීමට ද නියම කළේ ය. විත්තිකාර උප පොලිස් පරීක්ෂකවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ 2008 ජුනි 21 වන දා එම අධිකරණය හමුවේ විභාග වු නඩුවක සැකකුරුවෙකුට ඇප ලබාදීම සඳහා අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණ.