බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්ගෙන් වේදනාබර ලිපියක්

බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්ගෙන් වේදනාබර ලිපියක්

බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්ගෙන් වේදනාබර ලිපියක්

කර්තෘ Hashini De Mel

21 Jun, 2018 | 10:14 am

පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටින ජනප්‍රිය බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්ට ඔහුගේ රසික රසිකාවියන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.

ඒ, ඔහු සිය රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ලියූ විවෘත ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වීමත් සමගයි.

පසුගිය මාර්තු මාසයේදී ඉර්ෆාන් ඛාන් සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පැවසුවේ, තමාට දුර්ලභ රෝගී තත්ත්වයකින් වැළඳී ඇති බවයි.

මුල් අවස්ථාවේදී ඔහු සිය රෝගී තත්ත්වය කුමක් ද යන්න හෙළි නොකළ ද පසුව තමාට වැළඳී ඇත්තේ, පිළිකාවක් බව ප්‍රසිද්ධ කළේ ය.

ඉර්ෆාන් සිය ලිපිය මගින් පිළිකා රෝගයේ උච්චතාවය සහ ජීවිතයේ අවිනිශ්චිතභාවය පිළිබඳ සිහිපත් කර තිබේ.

51 හැවිරිදි ඉර්ෆාන් ඛාන් මේ වන විට ලන්ඩනයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහුගේ රසික රසිකාවියන් එම ලිපිය සිය ට්විටර් ගිණුම්වල පළ කරගනිමින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.

ඛාන් සිය ලිපිය මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ, තමාට පිළිකාවක් වැළඳී ඇති බව දැනගත් පසු කම්පනයට මේන ම තැතිගැන්මකට ලක්ව සිටින බවයි.

ඉර්ෆාන් ඛාන් චිත්‍රපට 100 අධික චිත්‍රපට සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති අතර Piku, Maqbool, Haasil සහ Paan Singh Tomar ජනප්‍රිය චිත්‍රපට ද ඒ අතර වේ.

මීට අමතරව ඔහු Life Of Pi, Jurassic World, Slumdog Millionaire, and The Amazing Spider-Man යන ඉංග්‍රීසි චිත්‍රපට ඔස්සේ ද සිය රංගන ප්‍රතිභාව එළි දැක්වී ය.

2013 වසරේදී ඉම්රාන් ඛාන් Paan Singh Tomar චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2013 වසරේදී ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානයෙන් පිදුම් ලැබී ය.