UPDATE: SAITM සිසුන්ට කොතලාවල දොරටු විවර කෙරෙන පනත

UPDATE: සයිටම් සිසුන්ට කොතලාවල සරසවියේ දොරටු විවර කෙරෙන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

by Staff writer 20-06-2018 | 7:30 AM
COLOMBO (News 1st)  UPDATE 12.00 PM -  සරසවි සිසුන් පිරිසක් අදත් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතාවක නිරත වෙති. ඒ, සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට විරෝධය පළ කරමිනි. මේ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අසල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.
සයිටම් සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට ප්‍රතිපාදන සැලසෙන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ය. ඒ සඳහා වන විවාදය අද දිනය පුරා පැවැත්වීමට ඊයේ රැස්වූ පක්ෂ නායකයින් එකඟ වී තිබේ. මේ අතර උපදේශක කාරක සභා 43ක් පිහිටුවීම සඳහා යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත ය. ඒ අනුව අමාත්‍යංශ 43ක් සඳහා උපදේශක කාරක සභා පත් කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් වනු ඇති.