වී අලෙවි මණ්ඩලය දැවැන්ත ණය බරක

වී අලෙවි මණ්ඩලය දැවැන්ත ණය බරක

by Staff writer 20-06-2018 | 11:02 AM
COLOMBO (News 1st) - වී අලෙවි මණ්ඩලය රුපියල් මිලියන 18000ක ණය බරකින් පෙළෙන බව එහි සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මෙය මණ්ඩලයේ ඉදිරි සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට බලවත් බාධාවක් බව ය. පසුගිය කාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර, වී තොග මුදා හැරීමේදී සිදු වූ මෙහෙයුම් වියදම් ලබා නොදීම වී අලෙවි මණ්ඩලය මෙම පාඩුව ලැබීමට ප්‍රධාන හේතුව බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේ ය. සභාපතිවරයා ප්‍රකාශ කළේ, මෙම ණය බර ලිහිල් කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ය.