ලොකු ළූණු ආනයන බදු වෙනස් වෙයි

ලොකු ළූණු ආනයන බදු වෙනස් වෙයි

by Staff writer 20-06-2018 | 4:03 PM

COLOMBO (News 1st) - ලොකු ළූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 70 - 80 ත් අතර මිලක් ලැබෙන පරිදි ආනයන බදු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසූවේ, දේශීය ලොකු ළූණු බීජ කිලෝග්‍රෑම් 5000 ක් මිලදී ගෙන හෙක්ටෙයාර් 1000 ක නව වගාවක් ආරම්භ කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.