පාර්ලිමේන්තුවේ හිමිකම් ඔප්පුව අද කථානායකවරයාට

පාර්ලිමේන්තුවේ හිමිකම් ඔප්පුව අද කථානායකවරයාට

by Staff writer 20-06-2018 | 12:00 PM
COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විධිමත් පැවරුම් සහතිකය වසර 40කට පසුව අද කථානායක කරු ජයසූරිය මහතාට භාර දීමට නියමිතව තිබේ. ඒ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසිනි. මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේ හිමිකම තහවුරු වූයේ, හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ලබා දුන් සන්නස් පත්‍රයකිනි. ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවේ, අද ලබා දෙන පැවරුම් සහතිකයට පාර්ලිමේන්තු සංකීර්ණය අයත් භූමියේ හෙක්ටයාර් 18ක් අයත් බව ය.