දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් හා දඩ

දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් හා දඩ

by Staff writer 20-06-2018 | 8:03 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට දඬුවම් නියම කර තිබේ.

ඒ අනුව ඔහුට ඊළඟ ටෙස් තරගය ක්‍රීඩා කිරීම හා පෙරේදා නිමා වූ ටෙස්ට් තරයේ තරග ගාස්තු ලබා ගැනීමේ අවස්ථාව නොමැත. ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුවේ හැඩය වෙනස් කළ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල විය. ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ, චන්දිමාල් කිසියම් රස කැවිලි වර්ගයක් යොදා ගනිමින් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සහ ගත් බවයි. එ් පිළිබඳව කළ පරීක්ෂණයෙන් අනතුරුව කවුන්සිය තීරණය කළේ, අදාළ වරදට චන්දිමාල්ට දඬුවම් නියම කිරීමටයි. මේ අතර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීමේ චෝදනාවට යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමනාකරු අසංක ගුරුසිංහට ද ඉදිරියේදී දඬුවම් නියම කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. ඒ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුනවන දිනයට අදාළ තරග ආරම්භය පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද කිරීම හේතුවෙනි. ක්‍රීඩාවේ ජීව ගුණය හානි කිරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලියේ අචාරධර්ම පද්ධතියට අනුව තුන්වන කාණ්ඩයේ වරදකි. එම කාණ්ඩයේ වරදක් වෙනුවෙනේ හිමිවන අවම දඬුවම් ලකුණු එසේත් නැත්නම්, ඩී මෙරිට් ප්‍රමාණය 4 ක් වන අතර උපරිමය 8 ක් ලෙස දැක්වේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති හා රෙගුලාසි අනුව දඬුවම් ලකුණු 2 ක් හිමිවීම යනු එක් ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගීවීමේ තහනමක් හෝ එක්දින තරග දෙකක තහනමක් හෝ පන්දුවාර 20 යි 20 තරග දෙකක තහනමක් වේ. ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කළමනාකරු, ප්‍රධාන පුහුණුකරු හා කණ්ඩායම් නායකයා තරගවලට සහභාගී විය නොහැකි තත්ත්වය මත අභියෝගයකට මුහුණ දෙනු ඇති. ලැජ්ජාවට කරුණ වන්නේ, ගෝමින් දය ශ්‍රී මහතා වැනි ජ්‍යේෂ්ඨ නීතිඥයෙකු මෙම තරගය අතරතුර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සිටියදීත් ඔහුගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අපොහොසත්වීමයි. ක්‍රිකට් හෝ අනෙකුත් දේ පිළිබඳ අවබෝධයක් නොමැති පුද්ගලයින් අමාත්‍යවරුන් හා බලධාරීන් ලෙස පත්වීම මේ ඛේදවාචකයේ පදනමයි. දිනේෂ් චන්දිමාල් වෙනුවෙන් ඉදිරිපත්වීමට ජ්‍යේෂ්ඨ නීතිඥ ගෝමින් දය ශ්‍රී මහතාට යෝජනාවක් මුලින් ඉදිරිපත් වුව ද පසුව කොළඹින් ලැබුනු උපදෙස් මත ඒ මහතාගේ සහය අනවශ්‍ය බව ඔහුට දන්වා තිබේ. චන්දන හෝ ඊට ආසන්න නමක් ඇති නීතිඥයෙකු සමග අසංක ගුරුසිංහ කළ සාකච්ඡාවකින් පසුව දය ශ්‍රී මහතාගේ සහය අනවශ්‍ය බවට ඒ මහතාට දැනුම්දී ඇත. මෙවැනි අඥාන තීරණ ගැනීමට මූලික හේතුව වන්නේ, ක්‍රිකට් හෝ වෙනත් කිසිදු ක්‍රීඩාවක් ගැන ප්‍රමාණිත අවබෝධයක් නැති පුද්ගලයින් විද්‍යාත්මක පදනමින් යැයි කියමින් ක්‍රීඩා අමාත්‍ය තනතුරට පත් කිරීමයි. නිසි නීති උපදෙස් ලබා ගනිමින් මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට ඕනැ තරම් ඉඩකඩ තිබියදීත් මෙලෙස ක්‍රීඩකයින් හා නිලධාරීන් වරදකරුවන් වන තෙක් බලා සිටියේ කාගේ උවමනාවට ද?