අධිවේගයේ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු මරුට

දක්ෂිණ අධිවේගයේ සිදු වූ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු මරුට

by Staff writer 20-06-2018 | 8:20 AM
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, කාර්මික දෝෂයකට ලක්ව නතර කර තිබූ ලොරියක වෑන් රථයක් ගැටීමෙන් අද අලුයම අනතුර සිදුව ඇති බව ය. මිය ගොස් ඇත්තේ, 34 හැවිරිදි කාන්තාවක හා සිව් හැවිරිදි ළමයෙකි. තුවාල ලැබූවන් ඇල්පිටිය හා කළුතර නාගොඩ රෝහල්වලට ඇතුළත් කර තිබේ.