කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩිතැබූ සැකකරුවන් රිමාන්ඩ්

කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩිතැබූ සැකකරුවන් රිමාන්ඩ්

by Staff writer 20-06-2018 | 5:50 PM

COLOMBO (News 1st) - කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු, මහසෙන් දේවාලයේ කපු ධූරය දැරූ අසේල ලක්මාල් බණ්ඩාර ඇතුලු සැකකරුවන් 07 දෙනා ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඒ. ඒ. පී. ලක්ෂ්මන් මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීය. සැකකරුවන්ගෙන් දෙදෙනෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුවෙකු හඳුනා ගෙන තිබේ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ධම්මින්ද හිමියන් මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනු ඇත.