රාජ්‍ය ආයතන 837ක ඇගයීම් වාර්තා අද පාර්ලිමේන්තුවට

රාජ්‍ය ආයතන 837ක ඇගයීම් වාර්තා අද පාර්ලිමේන්තුවට

by Sagarika Chathumali 19-06-2018 | 9:09 AM
පළාත් සභා, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 837 ක් අවරණය වන පරිදි පරිගණක තාක්ෂණ පද්ධතිය මගින් ඇගයීම් කටයුතු සම්පූර්ණ කළ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ, වසර 2015 දී කාර්ය සාධනයක් දැක් වූ රාජ්‍ය ආයතන ඇගයීමට ලක් කළ අතර 2016 ගිණුම් වර්ෂයට අදාළව තවත් මාස දෙකකින් ඇගයීමේ වැඩසටහනක්, පැවැත්වීමට කටයුතු කරන බවයි. පාර්ලිමේන්තු ක්‍රමය සාර්ථක කර ගැනීමට මෙවැනි කාරක සභාවල සාර්ථකත්වය බලපාන බව පැවසුවේ, සභාපතිවරයා ඉදිරියේ දී ආයතනවල සිදුවන වැරදි අවම කරගනිමින් ආයතනවල මූල්‍ය විනය ශක්තිමත් කිරීමට කාරක සභාවේ දායකත්වය ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේ ය. අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.