මහ සුළඟකින් කුලියාපිටියේ ගොඩනැගිලි 5ක් විනාශයි

මහ සුළඟකින් කුලියාපිටියේ ගොඩනැගිලි 5ක් විනාශයි

by Sagarika Chathumali 19-06-2018 | 9:38 AM
අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් අද අලුයම කුලියාපිටිය - හෙට්ටිපොළ මාර්ගයට කරන්තිප්පල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 5කට අලාභහානි සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වෙළෙඳසල් දෙකක් හා නිවාස 3 ක් ඒ අතර වන බවයි. පුද්ගලයින් තිදෙනෙකු සුළු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර දෙදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ. පොලීසිය, යුද හමුදාව, සහ ආපදා කළමනාකරණ නිලධාරීන් එක්ව ගස ඉවත් කර, කුලියාපිටිය - හෙට්ටිපොළ මාර්ගය ගමනා ගමන කටයුතු සඳහා විවෘත කර තිබේ.